Popular Posts

ජපන් ආචාර කිරීම්


අප සමාජයේ එකිනෙකා හා ගනුදෙනු කරනාවිට ආචාර කිරීම් වැදගත් අංගයක් ලෙස සැලකිය හැක. එමගින් සමාජ සම්බන්ධතා තර වන අතර නිවැරදි ලෙස භාවිතා නොකිරීම දෙපාර්ශවයේම අපහසුතාවයට මෙන්ම එම සමාජ සම්බන්ධතා දුර්වල වීමටද හේතුපාදක වේ.


අන්‍යයන් හට ගරු කිරීම හා සත්කාරය අතින් ලෝකයේ ප්‍රකට රටක්
ලෙස ජපානය හැඳින්විය හැක. ජපන් බසින් ආචාර කිරීම් 'අයිසත්සු' (あいさつ) නමින් හැදින් වේ. සියලු ආචාර කිරීම් ප්‍රකාශනයේදී අවසන තුනටිය නවා සවන්දෙන්නා හට ඇති ගෞරවය හා පිලිගැනීම නිරූපනය කිරීම මෙහි ඇති සුවිශේෂී ලක්ෂයකි.



මෙසේ තුනටිය නවා කරන්නා වු ආචාරයද කලාවක් තරම් මෙන් පුළුල් පරාසයක විහිදී පවතී. එය නමින් 'සෙයිරිත්සු' (せいりつ) නම් වන අතර නැවෙනා විට සිරස් තලය සමග පිටකොන්ද, ආසන්නව සාදනු ලබන කෝණය හේතුකොට එහි ආකාර තුනකි. 



එම ආකාර තුනම විවිධ අවස්ථාවල ( අචාර කරන පුද්ගලයා, එය ලබන්නාවූ පුද්ගලයා සහ කරනු ලබන ආචාර කිරිම කුමක්ද යන කරුණු අනුව ) ආචාර කිරීමට, සුදුසු පරිදි භාවිතා කරයි.



ඇතැම් ආචාර කිරීම් පොදුවේ තවත් භාෂාවකට හෝ වෙනත් රටක ආචාර කිරීම් හා සංසන්දනය කල නොහැක. එනම් ජපානයටම අනන්‍ය වූ ආචාර විධි සමූහයක්ද පවතී. ඇතැම් ආචාර කිරීම් නිතරම, විවිධ අවස්ථාවල භාවිතා කිරීම දක්නට ලැබේ. ඒවායේ අර්ථය නිවැරදිවම ප්‍රකාශ කල නොහැකි වන අතර භාවිතා කරන්නාවූ අවස්ථාවෙන් අවස්ථාවට අර්ථය වෙනස් වේ.


මූලාශ්‍ර
https://www.rocketlanguages.com/japanese/salutations/japanese-greetings








4 comments:

  1. いらっしゃる そうです වල තේරුම කියලා දෙන්න

    ReplyDelete
  2. ආධුනිකයන් සදහා කරන සත්කාර ‌සේවය අගය කරන අතර ඒ තව තවත් සිසුන් අතර මාගේ මුහුණු ‌පොතෙන් එළිදක්වමි. ස්තුතියි.

    ReplyDelete
  3. ස්තූතියි.❤👌

    ReplyDelete
  4. මෙව්වා ජපන් භාශාවෙන්ම ලබාගන්න ක්‍රමයක් නැද්ද

    ReplyDelete