Popular Posts

ජපන් බිම

පරිපාලන පැතිකඩ.


ජපානයේ පරිපාලන කලාපයන් 9 ක් පවතී. එම කලාපයන් නවය තවත් කුඩා කොටස් වලට වෙන්කර පරිපාලනයේ පහසුව සඳහා ප්‍රාන්ත/දිස්ත්‍රික්ක 47 කට බෙදා වෙන් කර ඇත. විශාලතම කලාපය සහ පරිපාලන ප්‍රාන්තය/දිස්තික්කය ලෙස හොක්කයිදෝ(北海道) සැලකෙන අතර වැඩිම ජනගහනයක් තෝකියෝ(東京) ප්‍රාන්තයේ/දිස්ත්‍රික්කයේ වාසය කරයි. ජනගහනය මිලියන 126 ඉක්මවන අතර ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 333.9 කි.
ජපානය සතුව වර්ග කිලෝමීටර් 978,000 ක්
වූ මුහුදු වපසරියක් ඇත.




ජපන් භූමියෙන් 73% ක් කඳුකරයන් වේ.



ජපානය දූපත් දෙශයක් වන අතර විවිධ විශාලත්වයන්ගෙන් යුත් දූපත් 7000 කට පමණ හිමිකම් කියනු ලබයි. හොක්කයිදෝ(北海道), හොන්ෂු(本州), ෂිකොකු(四国), ක්යුෂු(九州) මෙන්ම ඔකිනවා(沖縄) ද මෙහි ප්‍රධාන දූපත් ලෙස සැලකිය හැක. මෙම දූපත් ඇතුලුව වර්ග කිලෝමීටර් 378,000 ක් පමණ වූ භූමි ප්‍රමාණයක් ජපානය සතු වේ. එය ජ`මනියට වඩා තරමක් විශාල වන අතර නෝවේ වලට තරමක් කුඩා වේ. රටින්, 73% ක් කඳුකරයන් වන අතර 67% ක් වනාන්තර වේ.

ජපන් දූපත් සමූහය, ආසියා මහද්වීප තලයෙහි පිටත මායිමට වන්නට පෘථිවි පෘෂ්ඨයෙන්  ඉහලට නෙරා ඇති උස් වූ කඳු වැටියක මුදුන් සේ සලකන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන දූපත් මැදින් දිවෙන ඉතා දිගු කඳු පන්තීන් දැකගත හැකි වේ. එලෙස, ජපානයේ මුහුදට මුහුණපා ඇති කලාපය හා පැසිෆික් සාගරයට මුහුණපා ඇති කලාපය ලෙස කලාප දෙකකි. උසම ස්ථානය ලෙස ෆුජිසන්(富士山) හැදින්වෙන අතර මුහුදු මට්ටමේ සිට එහි උපරිම උස මීටර් 3,776 කි. (පිදුරුතලාගල මීටර් 2524). එය යමනෂි(山梨) හා සිද්සූඕකා(静岡) ප්‍රාන්ත වල පිහිටා ඇත.



සාරවත් තැනිතලාවන් හා කඳුකර නිම්නයන්ගෙන් පොහොසත් රටකි.



ප්‍රමාණයෙන් ඉතා විශාල වූ ජනාකීර්ණ තැනිතලා හෝ කදුකර නිම්න දැකගැනීමට නොමැත. විශාලතම තැනිතලා භූමිය ලෙස ටෝකියෝ හි පිහිටා ඇති කන්තෝ තැනිතලාව(関東平野) හඳුන්වයි. එයද වර්ග කිලෝමීටර් 13,000ක් පමණ විහිදී පවතී. අනෙකුත් වැදගත් තැනිතලා බිම් ලෙස, නගොයා(名古屋) නගරය වටා විහිදී ඇති නොබි තැනිතලාව(濃尾平野), ඕසකා(大阪.) සහ ක්යෝතො(京都) නගර ප්‍රදේශ අතර ඇති කිනයි(畿内) තැනිතලා බිම, තෝහොකු(東北) ප්‍රාන්තයේ සෙන්දායි(仙台) නගරය වටා ඇති සෙන්දායි තැන්න සහ ඉෂිකරි(石狩) තැනිතලාව හොක්කයිදෝ හි පිහිටා ඇත. මෙම තැනිතලා බිම් බොහෝමයක් වෙරළබඩ තැනිතලාබිම් වන අතර එම ප්‍රදේශ අතීතයේ සිටම ඉඩ සංස්කරණය කිරීමෙන් පුළුල් වී ඇත.



කෘතිමව සෑදූ දූපත් මගින් පුළුල් කල භූමි ප්‍රමාණය.



වාසයට සුදුසු කුඩා ඉඩක් සහිත භූමි භාගය සැලකිය යුතු තරම් වෙනස්කම් සිදු කිරීම සියවස් කීපයක සිට දැකගත හැක. මුහුදින් හා ගංගා සතු ඩෙල්ටාවන්ගෙන් වේලි හා අපවහන පද්ධති නිර්මාණයෙන් එම ගොඩබිම් වාසයට සුදුසු පරිදි සකස් කර ඇති අතර කදුකරයන්ගේ ගොවිතැන් කිරීමට හෙල්මලු ක්‍රමය භාවිතා කරයි. ඉඩකඩ පිළිබඳ මෙම ක්‍රියාවලිය නොනවත්වා නූතනය වන විට වෙරළබඩ තීරු විස්තීර්ණය කිරීම සහ කෘතීම දූපත් නිර්මාණය මගින් කර්මාන්ත හා වරායන් සංවර්ධනයට විශාල දායකත්වයක් ලබාගෙන ඇත. කෝබෙ(神戸) හි ඇති රොක්කො(六甲) දූපත හා ඕසකා මුහුදු බොක්කෙ හි නිර්මාණය කර ඇති කන්සායි(関西) අන්තර්ජාතික ගුවන්තොටුපල ඊට හොඳම උදාහරණයන් වේ. ජපන් වැසියන් කුඩා කඳු හා විශාල කඳුවැටි පවා නිවාස සංවිධානය සදහා තැනිතලා බිම් බවට පරිවර්තනය කර ඇති බව දක්නට ලැබේ. 



කඳු මතින් ගලා බසින ගංගා.



ජපානයේ ගංගා බොහොමයක් බෑවුම් සහිත හා වේගයෙන් ගලාබසින අතර පහත් භූමියට ලඟා වන කිහිපයක් ජලතරණය කිරීමට යෝග්‍ය වේ. මෙම ගංගා වලින් බහුතරය කිලෝමීටර් 300 ට අඩු දුරකින් සාගරයට එක්වන නමුත් කඳු මතින් ගලාබසින විට ඒවායේ ඇති වේගවත් බව නිසාම වටිනා, නැවත භාවිතයට ගත හැකි ජල විදුලය වැනි සම්පත් ලබා දේ. ජල විදුලි බල විභවය මුළුමනින්ම පාහේ ලබා ගැනීමට ජපන් වැසියන් සමත්වී ඇත. ගංවතුර පාලන ක්‍රියාමාර්ගයන්ගේ පුළුල් සංවර්ධනයකට යොමුවීමට ඍතුමට වෙනස්වීම් හේතුපාදක වී ඇත. වැඩිම දුරක් ගලාබසින ගංගාව ලෙස ෂිනානෝ නදිය(信濃川) නම් වන අතර එය නගානො(長野) සිට නීගතා(新潟) ප්‍රානතයන් ඔස්සේ ජපන් මුහුදට එකතු වෙයි. එහි ද දුර කිලෝමීටර් 367 ක් පමණකි.(මහවැලි ගඟ කිලෝමීටර් 335කි ). විශාලතම විල ලෙස ක්යෝතො හි උතුරට වන්නට බිවා-කො(琵琶湖) විල හැඳින්වෙන අතර එය වර්ග කිලෝමීටර් 681 ක් පුරා විහිදී පවතී.






මූලාශ්‍ර
https://doyouknowjapan.com/geography/






No comments:

Post a Comment