Popular Posts

ඉලක්කම්


ජපන් ඉලක්කම් ක්‍රමය අප පොදුවේ භාවිතා කරන SI ක්‍රමයට තරමක් වෙනස් වේ. එනම් ඉලක්කම් තුනින් තුනට ඒකක ලෙස අප ගණන් කලද ජපානයේ ගණන් කිරීම් වෙන් වන්නේ ඉලක්කම් තතරින් හතරට වේ. උදාහරණයක් ලෙස 10,000,000 ජපන් ජාතිකයින් 1000,0000 ලෙස වෙන් කරනු ලබයි. නමුත් වර්තමානය වනවිට බටහිර ලෝකයේ බලපෑම හා ඉලක්කම් ප්‍රමිතිකරණය හේතුවෙන් සංකේතාංක තුනේ ක්‍රමය භාවිතා කිරීම දැකිය හැක.

' මින්නා නො නිහොන්ගො '

'මින්නා නො නිහොන්ගො' යනු ජපන් භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් එකතුවකි. 'මින්නා නො නිහොන්ගො' ( みんな の 日本語 ) ජපන් බසින් සැමට(සැමගේ) ජපන් භාෂාව යන අර්ථය දේ. මෙහි භාෂා අධ්‍යනය සදහා සකස් කල පොත් රාශියක් පවතී. නමුත් මූලික පෙල පොත් හක් පිලිබඳ මෙහි විස්තර කිරීමට අදහස් කරමි.   


1. みんなの日本語 本册 I 
Minna no Nihongo - Honsatsu 1 


ජපන් භාෂාවේ ව්‍යාකරණ, ක්‍රියාපද, විශේෂණ පද ආදියෙහි මූලික යෙදීම් මෙමගින් අධ්‍යනය කල හැක. 


පාඩම් 25ක් අන්තර්ගත වේ.