Popular Posts

JLPT N5 කන්ජි


ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ පහසුම අදියරය ලෙස N5 හැදින්විය හැක. ආසන්න ලෙස මෙම මට්ටම සදහා කන්ජි අක්ෂරයන් 100ක් පමණ අනුමාන වුවද, සැබැවින්ම එම ප්‍රමාණයට වැඩි පරාසයක කන්ජි අක්ෂරයන් විභාගය තුලදී දැකිය හැක. මෙම ලිපියෙන් N5 මට්ටම සදහා කන්ජි අක්ෂරයන් 130ක් දක්වා ඇත. එම කන්ජිවල යෙදීම් සදහා උදාහරණයන් බොහෝමයක් N5 හා N4 අදියරයන්ගේ කන්ජි අක්ෂරයන්ගෙන් ඇතුලත් වී ඇත.

ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT)


හැඳින්වීම.

ජපන්භාෂා ප්‍රවීණතා විභාගය 'ජපන් පදනම' (Japan Foundation) සහ 'ජපන් අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය' (Japan Educational Exchanges and Services) විසින් ක්‍රියාත්මක කරයි. 1984 වර්ෂයේ සිට, ජපන් නොවන ජපන් භාෂාව හදාරන්නාවූ විදෙස් ජාතිකයින් හට පිලිගතහැකි පරිදි තම දැනුම සහතික කර පෙන්වීමට හා නිශ්චිත ඇගයීමක් ලබා දීමක් ලෙස මෙම විභාගය හැඳින්වේ. ආරම්භයේදී, මෙම විභාගයට ලොවපුරා අයදුම්කරුවන් 7000ක් පමණ අයදුම් කර ඇති අතර 2011 වසර වනවිට එම සංඛ්‍යාව 610,000 කි. එසේම ලෝකයේ මහා පරිමාණව පැතිරී පවත්නා ජපන් භාෂා විභාගය වන්නේද මෙයයි.