Popular Posts

'කන්ජි රැඩිකල්ස්'


'කන්ජි රැඩිකල්ස්' යනු ප්‍රධාන වශයෙන්ම, තරමක් සංකීර්ණ වන කන්ජි අක්ෂරයන්ගේ අන්තර්ගතවන කුඩා කන්ජි අක්ෂරයන්ම වේ. ඒවා බොහෝවිට තනි තනිව ඇතිවිටද කන්ජි අක්ෂරයන්ම වේ. සියලු ජපන් කන්ජි අක්ෂරයන්ගේ භාවිතාවන, හඳුනාගත් කන්ජි රැඩිකල් ගණන 214 කි. මේවාද, ලිවීමේදී ඇඳීම් 1 සිට 17 ක් දක්වා දිගු විය හැක.



මෙම රැඩිකල් පිලිබඳ යම් අවබෝධයක් තිබීම ප්‍රයෝජනවත් වන්නේ, නොදන්නා කන්ජි අක්ෂරයක වුවද දල වශයෙන් අර්ථය, උච්චාරණය හා එහි ප්‍රභවය පිලිබඳ හදුනා ගැනීමට උපකාරීවන බැවිනි. එසේම තරමක් සංකීර්ණ කන්ජි අක්ෂරයන් ඇඳීමේදී ඒවා කුඩා රැඩිකල් කොටස් වලට වෙන් කර ගැනීමෙන් ඇඳීමේ පිළිවෙල(stroke order) මෙන්ම එම කන්ජි අක්ෂරයන්ද පහසුවෙන් මතක තබා ගත් හැකි වේ. JLPT වැනි විභාග වලදීද කන්ජි දැනුම පරික්ෂා කිරීමට මෙම කන්ජි රැඩිකල් පමණක් වෙනස් කරමින් එක හා සමාන වූ බහුවර්ණ පිළිතුරු ලබාදීම දැකිය හැක.

කන්ජි රැඩිකල් හඳුනා ගැනීම

1. කන්ජි අක්ෂරයම රැඩිකල් එකක් වීම.

ඇතැම් කන්ජි අක්ෂර සෑදී ඇත්තේ එක් කන්ජි රැඩිකල් එකකින් පමණක් වේ. එවිට එම කන්ජි අක්ෂරයම එහි කන්ජි රැඩිකල් එකද වේ. JLPT N5 සදහා ඇති බොහෝ කන්ජි අක්ෂරයන් ඉහත ලක්ෂණ සහිත ඒවා වේ.( 口, 女, 山, 大 )

2. කන්ජි රැඩිකල් වමෙහි, දකුණෙහි, උඩ හෝ යට පිහිටීම.

මෙලෙස පවතින රැඩිකල් සොයාගැනීම තරමක් පහසු වේ. මෙම රැඩිකල් මගින් සෑදෙන කන්ජි අක්ෂරයන් බොහෝවිට රැඩිකල් දෙකකින් යුක්ත වේ. නමුත් ඇතැම් අවස්ථාවල එහි සංඛ්‍යාව වෙනස් විය හැක.(日+月)= 明 , (田+心)=思

3. කන්ජි අක්ෂරයේ මුල්ලකට වන්නට හෝ අක්ෂරය පුරාම පැවතීම.

කන්ජි අක්ෂරයේ වම්පස පහතින්, ඉහල වම්පසින් හෝ ඉහල දකුණුපසින් ආදී ලෙසද රැඩිකල් පවතී. එසේම් ඉංග්‍රීසි C අක්ෂරයේ හැඩයෙන් හා කවාකාරලෙස හෝ මුළු කන්ජියම වසාගත් ලෙසද, කන්ජි අක්ෂරවල දැකිය හැක.( 進、原、式、区、開、国 )

4. කන්ජි අක්ෂරයේ වෙනත් ඕනෑම තැනක.


රැඩිකල්ස් කන්ජි අක්ෂරයක වෙනත් ඇඳීම් සමග ඕනෑම ස්ථානයක පිහිටීමට හැකියාව ඇත. මෙම ආකාරයේ බොහෝ කන්ජි අක්ෂරයන් දැකගත හැක.( 鞄,望, 鏡 )

ප්‍රධාන වශයෙන් කන්ජි රැඩිකල් පිහිටීම අනුව නම් කෙරෙන කාණ්ඩ හතකි.



කන්ජී අක්ෂර තුල කන්ජි රැඩිකල් සදහා උදාහරණයන්






කන්ජි රැඩිකල්ස් භාවිතය හා වාසි 

ශබ්දකෝෂ භාවිතා කිරීමේදී හා කන්ජි අක්ෂර සෙවීමට රැඩිකල්ස් පිලිබඳ දැනුමක් ඇතිනම් එම කටයුත්ත පෙරට වඩා පහසු වේ. මන්දයත් රැඩිකල්ස් මගින් කන්ජි අක්ෂරයන් කාණ්ඩ වන බැවින් නොදන්නා අක්ෂර සෙවීමට විශාල පරාසයක කන්ජි අක්ෂර පිරික්සීම අනවශ්‍ය හෙයිනි.



කන්ජි අක්ෂර මතක තබා ගැනීමටද රැඩිකල්ස් පිලිබඳ දැනුම බෙහෙවින් උපකාරි වේ. රැඩිකල්ස් සහිත කන්ජි අක්ෂර බොහෝවිට යම් අර්ථයකට අනුව සකස් වී ඇත. (කලාතුරකින් එසේ නොවන වෙනස් අවස්ථා ඇත.) එසේ සකස් වූ කන්ජි අක්ෂරයන් හුදෙක් ඉරි කැබලි කිහිපයක එකතුවක් නොවන බැවින් පහසුවෙන් මතකයට එකතු කරගත හැක. එසේම මතකයේ රැදෙන පරිදි එම අක්ෂරයන් කාණ්ඩ වලට වෙන්කර සකස් කිරීමටද අවස්ථාව හිමිවේ.




JLPT වැනි ජපන් භාෂා විභාග වලදීද කන්ජි දැනුම පරික්ෂා කිරීමේ ප්‍රශ්ණ තුල බහුවරණ පිලිතුරු ලෙස බොහෝවිට රැඩිකල්ස් පමණක් වෙනස් වූ පිලිතුරු ලබාදෙයි. මෙවැනි ගැටලුවලදී ප්‍රශ්ණයට ගැලපෙන නිවැරදි කන්ජි අක්ෂරය තෝරා ගැනීමටත්, පිලිතුර හරිආකාරව නොදන්නා අවස්ථාවක රැඩිකල්ස් පිලිබඳ දැනුම භාවිතයෙන් යම්තාක් දුරට පිලිතුර අපෝහණය කිරීමටත් හැක.




මූලාශ්‍ර
https://kanjialive.com/214-traditional-kanji-radicals/
https://jlptbootcamp.com/2011/05/kanji-radicals-what-are-they-and-how-do-you-use-them/

   





8 comments:

  1. Thank so much godak dewal igana gatta .. godak pin oyalata.. THANKKKKSSSSGOOD EDUCASHION

    ReplyDelete
  2. Thank so much godak dewal igana gatta .. godak pin oyalata.. THANKKKKSSSSGOOD EDUCASHION

    ReplyDelete
  3. anith padamuth oaham pahadiliwa hadala ewnna

    ReplyDelete