Popular Posts

ජපන් ලේඛන ඉතිහාසය


ලේඛනය ජපානයට පැමිණෙන්නේ ක්‍රි.ව. 5  ශතවර්ෂයේ චීනයෙනි. මුල් කාලයේ ජපන් ලිවීම් චීන අක්ෂර භාවිතයෙන් සිදුවූ අතර ඒවා 'කනජි' (kanji) වන අතර එම ක්‍රියාවලිය කන්බුන් (kanbun) (සරලව, 'චීන ලිවීම' ) නමින් හැඳින්විය. නමුත් ජපන් භාෂාව, චීන භාෂාව හා සසදන විට ව්‍යාකරණ අතින් සැලකිය යුතු තරම් වෙනස්කම් දක්නට ලැබෙන හෙයින් එම චීන අක්ෂර වලින් ජපන් භාෂාවේ ව්‍යාකරණ පෙන්වීමට නොහැකි විය. එම නිසා චීන අක්ෂර පෙර පරිදිම යොදනමුත් ජපන් ව්‍යාකරණ භාවිතා කරන්නට විය.


අනෙක් ගැටලුව නම්, චීන භාෂාව ඒකලිත නැතිනම් හුදෙකලා භාෂාවක් වීමයි. එනම් එක් අක්ෂරයකින් සම්පූර්ණ වචනයක් හෝ යම් අර්ථයක් ප්‍රකාශ කල හැකි වීමයි. අනෙක් අතට ජපන් භාෂාවේ වාක්‍යයක වරගන්වන ක්‍රියාපද, නාමපදයකට පසුව යෙදෙන නිපාත, ඇදීම් ආදිය පවතින බැවින් එම අයිතමයන් නිරූපනය කිරීමට අතිරේක ව්‍යාකරණ කොටස් ලෙස ඒවායේ හඬෙහි ස්වභාවය අනුව ඇති නියමිත වූ අක්ෂර සමූහයක්ද භාවිතා කරන්නට විය. එමගින් මෙම අක්ෂර පද්ධතිය භාවිතා කිරීමේදී අර්ථ දෙකක් සහිත වචන ඇතිවූ
අතර එය ව්‍යාකරණ ශබ්දයද, නැතහොත් වචනයක්ද යනවග පැහැදිලිවම හඳුනා ගැනීම අපහසු විය.

අවසන මෙම ද්විත්ව අර්ථ සහිත අක්ෂර ක්‍රමය යම්තාක් සරල කර ශබ්දයන්ට අනුරූපව චීන අක්ෂර භාවිතා කිරීමට හා චීන අක්ෂර සමග වෙනසක් ඇති කරමින් ඒවා රූපාක්ෂර ලෙස භාවිතා කරන්නට විය.





කනා අක්ෂර ක්‍රමය


ලිඛිත ජපන් භාෂාවේ එන අක්ෂර ක්‍රමය 'කනා' (kana) ලෙස හදුන්වයි. කනා වර්ණමාලා දෙකකි. ඒවා 'හිරගන'(hiragana) හා 'කතකන' (katakana) නම් වේ. 


හිරගන

'හිරගන' ජපන් භාෂාවට ආවේණික වූ වචන ප්‍රකාශ කිරීමට භාවිතා කරන අතර එහි මූලාරම්භය ක්‍රි.ව. 8 වන ශතවර්ෂයේ පමණ වන අතර චීන අක්ෂර භාවිතයේදී ඇතිවන ව්‍යාකරණ අඩුපාඩු සඳහා භාවිතා කරන්නට විය. එසේම මෙම ක්‍රමය 'මන්යොගන' (manyogana) ලෙස 'මන්යොෂු' (manyoshu) සාහිත්‍ය නිර්මාණයේද හඳුන්වා ඇති අතර අවසානයේ අක්ෂර ප්‍රමාණය අඩු වී තවත් සරල වූ අතර එය සෝගන (sogana) ලෙසද පසුව හිරගන වන්නටද විය.




මුල් කාලයේ හිරගන භාවිතය උගත් සමාජය ප්‍රතික්ෂේප කලේ චීන භාෂාව භාවිතයට හුරු වී සිටි නිසාවෙනි. නමුත් ස්ත්‍රී පාර්ශවයට චීන අක්ෂර ඉගෙනීමට අවසර නොලැබුන නිසා හිරගන භාවිතා කරන්නට විය. හිරගන භාවිතය ලොව ප්‍රථම නවකතා ග්‍රන්ථය ලෙස 'මුරසකි ශිකිබු' ආර්යාව විසින් රචිත 'ගෙන්ජි' (genji) හරහා මුදුන්පත් වන්නට විය. එය 'හෙයාන්' (heian) යුගයේ (795-1192) රචනා වූවකි. කෙසේ වෙතත් මෙම සාහිත්‍යයේ ඇතිවූ වෙනස්කම් ඉවත් වී හිරගන පිලිගත් ලිඛිත මාධ්‍යයක් බවට පත්වන්නට විය.




කතකන

දෙවැන්න 'කතකන' නම් වේ. චීන බෞද්ධ ග්‍රන්ථ වල කියැවීම් උච්චාරණයට උපකාරයක් ලෙස මුල් කාලයේ භාවිතා කර ඇත. පසුව ව්‍යාකරණ යෙදීම්, නිපාත ආදිය සඳහා කන්ජි සමග යෙදීමට භාවිතා කර ඇත. වර්තමානය වනවිට, ජපන් භාෂාවට චීන භාෂාවෙන් ඇතුලත් වූ වචන හැර වෙනත් භාෂාවලින් ඇතුලත් වූ වචන ලිවීමට භාවිතා කරයි.





හිරගන හා කතකන හෝඩි වලට ගොජුඔන්-ද්සු (gojuon-zu) ලෙස හදුන්වයි.

මෙම හිරගන හා කතකන අක්ෂර මාලා දෙකෙහිම සමස්ථ අක්ෂර රටාවට වෙන්ස් ශබ්ද ලබාදෙන අක්ෂරයන් කිහිපයක් දක්නට ලැබේ. එනම් කනා හි ආකෘතියට අනුව නියම වූ ශබ්දය වෙනුවට ඒ හා තරමක් සමාන, නමුත් වෙනත් ශබ්දය ලබාදෙන අක්ෂරයන් පවතී. ඒවා පහත පරිදි වේ.




දකුඔන් හා හන්-දකුඔන් 


මෙම මූලික අක්ෂරයන්ට අමතරව ඇතැම් අක්ෂරයන් මත විශේෂ සලකුණු යෙදීමෙන් ඒවායේ ශබ්දය වෙනස් කිරීමද සිදු කරයි. එම සලකුණු තෙන්-තෙන් (") හා මරු-තෙන් (o) ලෙස හදුන්වයි.




යෝඔන් 


ජපන් භාෂාවේ ඇති තවත් අක්ෂර කොටසක් ලෙස 'ය' කාණ්ඩයේ අක්ෂර එක් කිරීම දැකිය හැක. මෙහිදී යොදන අක්ෂරයේ හඬ ලොප් වන අතර ඊට පසුව ඇති [や、ゆ、よ ]තරමක් කුඩා කර නිරූපනය කරයි.




සොකුඔන් 


එසේම ජපන් භාෂාවේ හල් අකුරු ලෙස ඇත්තේ 'න්' () පමණක් වේ. නමුත් 'ත්සු' () ප්‍රමාණයෙන් කුඩාකර වචනයක යෙදෙනවිට ඊට පසුව ඇති අක්ෂරයේ හල් අක්ෂරය එමගින් නිරූපණය වේ.




තවද ජපන් භාෂාවේ දීර්ඝ ස්වර අක්ෂර දක්නට ලැබේ. මෙහිදී පමණක් හිරගන හා කතකන අක්ෂර යෙදීම තරමක් වෙනස් වේ.

චීන රූපාක්ෂර (කන්ජි)


'කනා' වලට අමතරව ජපන් භාෂාවේ භාවිතාවන්නේ චීන රූපාක්ෂර හෙවත් කන්ජි වේ. වර්තමානයේ මෙම චීන රූපාක්ෂරයන් 2000 ක් පමණ බහුලව භාවිතා වේ. ජපානයේ බොහෝ ස්ථාන නාම හා වෙනත් බොහෝ දෑ කන්ජි අක්ෂරයන්ගෙන් නම් කරනු ලබයි.




ජපන් පුවත්පත්, සඟරා ආදියෙහි මේ අක්ෂරයන් වර්ග තුනම දක්නට ලැබේ.





මූලාශ්‍ර
http://www.ancientscripts.com/japanese.html







No comments:

Post a Comment