Popular Posts

ජපන් බසින් වේලාව


එදිනෙදා ජීවිතයේ අප කරන්නාවූ ඉතා වැදගත් ක්‍රියාවන් බොහෝමයක් කාලය හා බැඳී පවතී. කාලය කියවීමට රටකින් රටකට වෙනස් නොවන එකම ක්‍රමවේදයක්, උපකරණයක් භාවිතා වීම හා අප කුඩා කල සිටම එයට හුරුපුරුදු වී ඇතිමුත් තවත් භාෂාවකින් ප්‍රකාශ කිරීම එසේ පහසු කාර්යක් නොවන්නේ භාෂාවකින් භාෂාවකට වෙනස් වූ වග්මාලාවන් පැවතීම හේතුවෙනි. එසේම වේලාවන් ප්‍රකාශ කිරීම සෑම භාෂාකම පාහේ පහසුවෙන් ඉගෙනගතහැකි කොටසකි.
ජපන් භාෂාවේද කාලය හෝ වේලාවන් ප්‍රකාශ කිරීම එතරම් සංකීර්ණ නොවේ. නමුත් ඇතැම් අවස්ථා කිහිපයක් පමණක් විශේෂයෙන් මතකයේ රදවාගතයුතු වේ.

භාවිතයේ පහසුව උදෙසා, පොදුවේ අප කාලය තත්පර, මිනිත්තු සහ හෝරා වලට වෙන්කරනු ලබයි. තත්පර වලින් වේලාව ප්‍රකාශ කිරිම ප්‍රායෝගික නොවන හෙයින් සාමාන්‍යයෙන් මිනිත්තු හා පැය වේලාව ප්‍රකාශ කිරීමට භාවිතා වේ.




ජපන් භාෂාවෙහි පැය හෝ වේලාව යන අර්ථය 'ජි' (じ) යන වචනයෙන් හා මිනිත්තු 'පුන්' (ふん) යන වචනයන්ගෙන් හඳුන්වයි. තත්පර 'බ්යෝ' (びょう) නමින් හඳුන්වයි.







*  පැය     時  [じ]

පැය ප්‍රකාශ කිරීම පහත පරිදි වේ...




                                               තවද, මධ්‍යහන 12 'ෂෝගො' (正午) ලෙසද හඳුන්වනු ලබයි. 




*  මිනිත්තු     分  [ふん]

මිනිත්තු ප්‍රකාශ කිරීමේදී පහත පරිදි වේ.






මිනිත්තු ප්‍රකාශ කිරීමේදී රටාවෙන් තරමක් වෙනස් වන අවස්ථා ඉහත ඇතුලත් වන් අතර අනෙක් ඉලක්කම් සාමාන්‍ය පරිදි යෙදේ.





*  තත්පර     秒  [びょう]


තත්පර ප්‍රකාශ කිරීමේදී පෙර පරිදි වෙනස්කම් නොවන අතර අදාල ඉලක්කම අවසන 'බ්යෝ' (びょう) වචනය එකතු කිරීමෙන් එය තත්පර බව ප්‍රකාශ කල හැක.






*  කාල පමණ    期間  [きかん]  

කොපමණ කාලයක් ගතවනවාද යනවග, නැතහොත් කාල පරතරය ප්‍රකාශ කිරීමට නියමිත කාලයට පසු 'කන්' (かん) වචනය යොදයි. එහි හෝරා, මිනිත්තු සහ තත්පර සමග යෙදීම් පහත පරිදි වේ.






වේලාවන් ප්‍රකාශ කිරීමකදී බහුලව භාවිතාවන වචන හා යෙදීම් කිහිපයක්.











මූලාශ්‍ර
http://japanese-lesson.com/vocabulary/words/time.html













No comments:

Post a Comment