හැඳින්වීම.
ජපන්භාෂා ප්‍රවීණතා විභාගය 'ජපන් පදනම' (Japan Foundation) සහ 'ජපන් අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය' (Japan Educational Exchanges and Services) විසින් ක්‍රියාත්මක කරයි. 1984 වර්ෂයේ සිට, ජපන් නොවන ජපන් භාෂාව හදාරන්නාවූ විදෙස් ජාතිකයින් හට පිලිගතහැකි පරිදි තම දැනුම සහතික කර පෙන්වීමට හා නිශ්චිත ඇගයීමක් ලබා දීමක් ලෙස මෙම විභාගය හැඳින්වේ. ආරම්භයේදී, මෙම විභාගයට ලොවපුරා අයදුම්කරුවන් 7000ක් පමණ අයදුම් කර ඇති අතර 2011 වසර වනවිට එම සංඛ්‍යාව 610,000 කි. එසේම ලෝකයේ මහා පරිමාණව පැතිරී පවත්නා ජපන් භාෂා විභාගය වන්නේද මෙයයි.පසුව, මෙම විභාගය සදාහා වන අයදුම්කරුවන්ගේ වඩා විවිධත්වයක් දක්නට ලැබී ඇති අතර මෙහි ප්‍රථිඵලයන් හැකියා දර්ශකයක් ලෙස රැකියා ක්ෂේත්‍රයේ නිරතවීමට හා උසස්වීම්, වේතනයන් තීරණය වීමට මෙන්ම එය එක්තරා ආකාරයක සුදුසුකමක්ද විය. එසේම මෙම විභාගයේ ප්‍රමිතිය උදෙසා ලොවපුරා විවිධාකාරවූ පාර්ශවයන්ගෙන් සහය ලැබී ඇත.
JLPT විභාගයෙහි ඇති අනුකූලත්වය හා නිරවද්‍යතාවය නොකඩවා පවත්වාගැනීම උදෙසා 'ජපන් පදනම' හා 'ජපන් අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය' විසින් 2010 වසර වනවිට නව සංශෝධනය කරනලද ක්‍රමයක් හදුන්වා දුන් අතර එය ජපන් ඉගෙනුම් ඉගැන්වීම් ක්ෂේත්‍රයේ පර්යේෂණයන්ගේ උපරිම ඵලනෙලාගැනීමට සමත් විය.
අරමුණ.
ජපන් ජාතිකයින් නොවන විදේශිකයින්ගේ ජපන් භාෂා දැනුම ඇගයීමට හා භාෂාවේ ප්‍රවීණතාව සහතික කිරීමට ලොවපුරා විභාගය පවත්වයි.සංවිධානය.
'ජපන් පදනම' සහ 'ජපන් අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය' එකව විභාග කටයුතු සිදුකරන අතර ජපානයෙන් පිටත රටවල් තුල ජපන් පදනමෙහි නියෝජිතයන් දේශීය ආයතන සමග සහයෝගයෙන් එම කටයුතු සිදුකරයි. ජපානය තුල විභාග කටයුතු ජපන් අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය මගින් ක්‍රියාත්මක කරයි.ජපානය තුල සහ විභාගයේ ඇති වාසි.
- ජපානයට සංක්‍රමණය වීමේදී ලබාදෙන ලකුණු ක්‍රමයකට අනුව වැඩි සැලකිල්ලක් හිමිවීම.
උසස් හැකියාවන් සහිත වෘත්තීයවේදීන් ජපානයට පැමිණීම අරමුණු කරගනිමින් මෙසේ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන අතර එමගින් ලකුණු 70 ක් හෝ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා විදේශිකයින් හට වැඩි අවධානයක් මෙමගින් හිමිවේ.JLPT, N1 මට්ටම සදහා ලකුණු 15ක්ද N2 මට්ටම සදහා ලකුණු 10 ලෙසද හිමි වේ.
- වෛද්‍ය වෘත්තිකයින් හට ජපන් රජයේ විභාගවලට මුහුණදීමේදී
ජපන් රජයේ වෛද්‍ය වෘත්තීය සහතික සදහා පැවැත්වෙන විභාග සදහාද N1 මට්ටම අවශ්‍යතාවයකි.(එසේම, දන්ත වෛද්‍ය, හෙද, පශු වෛද්‍ය... ආදී විභාගයන් රැසකට N1 මට්ටම අවශ්‍යතාවයකි.)
- රැකියා සඳහා ජපානයට සංක්‍රමණය වන වෘත්තිකයන් හට.
බොහෝමයක් වෙළඳ සහයෝගිතා ගිවිසුම් (Economic Partnership Agreement) මගින් ජපානයේ රැකියා සදහා ඇතුලත් වන විදේශිකයින්ගේ ද සුදුසුකමක් ලෙස සලකයි. වියට්නාමය, ඉන්දුනීසියාව හා පිලිපීනය වැනි රටවල් සදහා එය අවශ්‍යතාවයක් සේ සැලකේ. මෙහිදී අවම වශයෙන් N3 මට්ටමේ සිට ඉහලට සලකා බලයි.
- ජපානයේ උසස් අධ්‍යාපනයේ නිරත විදේශිකයන් සදහා.
ජපන් භාෂා පාසලක හෝ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන්නාවූ සිසුන් හට විභාගය සදහා පෙනීසිටීමට එම පාසලින්ම හෝ විශ්වවිද්‍යාලය මගින් යොමුකරන අතර විශ්වවිද්‍යාලයකට හෝ භාෂා පාසලකට ඉල්ලුම් කිරීමේදී ජපන් භාෂා ප්‍රවීණතා විභාගය මූලික සුදුසුකමකි.
- ජපන් භාෂා අධ්‍යනයේ පහසුව.
මුල සිට භාෂාව හැදෑරීමේදී මෙම විභාගයන්ට අනුකූලව අධ්‍යන කටයුතු කිරීම හා එම විභාගයන් සදහා පෙනී සිටීම මගින් භාෂාව ක්‍රමානුකූලව ඉගෙනුමට මෙන්ම භාෂා හැකියාව හා තම දැනුම් මට්ටම පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටද උපකාරී වේ.මූලික ලක්ෂණ හතරකි.
01. කාර්යයන් කිරීමට අවශ්‍යවන සන්නිවේදන හැකියාව මිනීම.
නමුත් මෙමගින් කථනයෙ හෝ ලිවීමේ හැකියාව මිනීම සදහා කොටස් ඇතුලත් නොවේ.
02. අදියර පහ තුලින් උචිත අදියර තෝරා ගැනීම.
03. වඩා නිවැරදිව ජපන් භාෂා ප්‍රවීණතාව මැනෙන ලකුණු ලබාදීමේ ක්‍රියාවලිය.
04. ස්වයං-ඇගයීමේ සටහන්
එක් එක් අදියරයන් සදහා අවැසි භාෂාමය හැකියාව.
විභාගය අදියරයන් පහකින් සමවිත වේ. ඒවා N1,N2,N3,N4 හා N5 ලෙස නම් කරයි. පහසුම අදියරය ලෙස N5 හා අපහසුම නැතහොත් ඉහලම අදියයරය ලෙස N1 හැඳින්වේ.
ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ එක් එක් අදියරයන් සදහා අවැසි භාෂාමය හැකියාව භාෂාමය ක්‍රියාකාරකම් මත පදනම් වේ. කියවීම, සවන්දීම හා භාෂා දැනුම ආදී ලෙස වේ.
N1
විවිධාකාර තත්වයන් යටතේ ජපන් භාෂාව හොඳින් තේරුම් ගැනීමට ඇති හැකියාව.
කියවීම
- සංකීර්ණ සටහන් කියවීමට හැක.
- විවිධත්වයෙන් යුත් මාතෘකා පිළිබද රචනය වූ පුවත්පත් කතුවැකි, විවරණ ආදියෙහි සැකැස්ම හා අන්තර්ගතය පිළිබද අවබෝධයක් ලබා ගත හැකිවීම.
- විවිධ මාතෘකා පිළිබද ලියවුනු ගැඹුරු කරුණු සහිත ලිපි කියවීමට හා රචකයාගේ අභිප්‍රායන් අවබෝධ කරගැනීමට ඇති හැකියාව.
- වාචිකව ප්‍රකාශ වන පැහැදිලි සංවාද, පුවත් ප්‍රකාශයන්, දේශණ හා සාමාන්‍ය වේගයෙන් ප්‍රකාශ වන දෑ අවබෝධ කර ගැනීමට ඇති හැකියාව.
- ඇසෙන දෙයක තොරතුරු ලබාගැනීමට ඇති හැකියාව. උදාහරණයක් ලෙස සංවාදයක යෙදෙන දෙදෙනෙකු අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව, තාර්කික කරුණු හා විශේෂ කරුණු අවබෝධ කරගැනීමට ඇති හැකියාව.
N2
විවිධාකාර තත්වයන් යටතේ ජපන් භාෂාව තරමක් දුරට හොඳින් තේරුම් ගැනීමට හැක.
කියවීම
- පුවත්පතක හෝ සගරාවක ඇති සරල විවරණයක්, විවිධ මාතෘකා පිළිබද වූ ලිපි කියවීමට හැකි වීම.
- සාමාන්‍ය මාතෘකා පිළිබද ලියවුනු ලිපි කියවීමට හා එහි අන්තර්ගතය මෙන්ම රචකයාගේ අභිප්‍රායන් පිලිබදව අවබෝධ කරගත හැකිවීම.
- ආසන්නව සාමාන්‍ය වේගයකින් ප්‍රකාශවන ප්‍රකාශයක්, පුවත් වාර්තා, එදිනෙදා අවස්ථාවල භාවිතා වන දෙබස් ආදිය අවබෝධ කරගැනීමට ඇති හැකියාව
- දෙබස් ආදියෙන් සිටිනා පුද්ගලයන් අතරඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය හා ඒවායේ විශේෂ කරුණු අවබෝධ කරගැනීමට ඇති හැකියාව.
N3
විවිධ අවස්ථාවලදී භාවිතා ජපන් භාෂාව තරමක් දුරට හොඳින් තේරුම් ගැනීමට හැක.
කියවීම
- එදිනෙදා මාතෘකා සම්බන්ධයෙන් ලියවුනු ලිපි පිළිබද කියවා තේරුම් ගැනීමට ඇති හැකියාව.
- යම් තොරතුරු සමුහයක සාරාංශය ග්‍රහණය කර ගැනීමට ඇති හැකියාව.
- එදිනෙදා අවස්ථා සම්බන්ධයෙන් ලියවුනු ලිපි පිළිබද කියවීමට ඇති හැකියාව හා එහි අන්තර්ගත වන ප්‍රධාන කරුණු අවබෝධ කරගැනීමට ඇති හැකියාව.
- පැහැදිලි සංවාදයක්, ආසන්නව සාමාන්‍ය වේගයකින් ප්‍රකාශ වන දෙයක කරුණු සහ ඒවායේ අඩංගු දෑ ග්‍රහණය කර ගැනීමට ඇති හැකියාව.
N4
මූලික ජපන් භාෂාව තේරුම් ගැනීමට හැක.
කියවීම
- එදිනෙදා මාතෘකා පිළිබද සරල වාග්මාලාවකින් හා කන්ජි ඇසුරෙන් ලියවුනු ලිපි, ඡේදයන් අවබෝධ කරගැනීමට ඇති හැකියාව.
- එදිනෙදා වන සංවාදයන් සවන් දීමෙන් අවබෝධ කරගන්නා අතර තරමක් අඩු වේගයකින් වන ප්‍රකාශයන්ගේ කරුණු අවබෝධ කර ගනී.
N5
මූලික ජපන් භාෂාව තරමක් දුරට තේරුම් ගැනීමට හැක.
කියවීම
- හිරගන, කතගන සහ මුලික කන්ජි අක්‍ෂරයන්ගේ ලියවුනු ප්‍රකාශ හා වාක්‍යන් කියවීමට හා අවබෝධ කරගැනීමට ඇති හැකියාව.
- අඩු වේගයකින් ප්‍රකාශ වන එදිනෙදා සහ පන්ති කාමරයේ සිදුවන සංවාදයන්ගෙන් වැදගත් කරැණු ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව.
සැකෙවින්...

JLPTහි ලකුණු ලබාදීම හා ව්‍යුහය.

මූලාශ්‍ර :
www.jlpt.jp
www.tanos.co.uk
ජපන් භාෂා ප්‍රවීණතා විභාගය පවත්වන්නේ වසරකට දෙවතාවක් පමණි.
ජූනි හෝ ජුලි මාසයන්වල එක් විභාගයකුත් දෙසැම්බර් මස අනෙක් විභාගයද පවත්වයි.
ශ්‍රී ලංකාව තුල JLPT අයදුම් කිරීම ශ්‍රී ලංකා ජපන් භාෂා අධ්‍යයන සංගමය හරහා සිදුකල හැක.
එහි තොරතුරු පහත වේ.
ශ්‍රී ලංකා ජපන් භාෂා අධ්‍යයන සංගමය
සසකව ශාලාව, නො.04,
22වන පටුමග,
කොළඹ 03.
දුරකථන
011 2331894
ඊ-මේල්
jleagen@gmail.com
good job
ReplyDeleteNat5 4 exam masa koyakata parakda tiyenne
ReplyDelete🙏 ස්තූතියි 🙏
ReplyDeleteThnq very much
ReplyDeleteThanks for you
ReplyDeleteThank you very much
ReplyDelete