Popular Posts

ජපන් බසින් ගණන් කිරීම්



සිංහල හා ඉංග්‍රීසි භාෂාව ඇතුලුව බොහෝ භාෂාවන්හි ගණන් කිරීම, ඉලක්කම් නම් කරන වචනයන්ගෙන්ම සිදුකරයි. නමුත් ජපන් භාෂාවේහි එය වෙනස් වේ. එනම් අවස්ථාවෙන් අවස්ථාවට අදාල වූ වචනයන් ඉලක්කම් සමග යෙදිය යුතු වේ. සාමන්‍යයෙන් ජපන් භාෂාව හදාරණ අයෙකුගෙන් ජපන් භාෂාවේ ගණන් කරන විධි කීයක් ඇතිද යන්න විමසුවහොත් පිළිතුර බොහෝ විට 15ක් 16ක්... ආදී ලෙස නිතැතින්ම 20ට අඩු සංඛ්‍යාවකි. නමුත් සැබැවින්ම ජපන් භාෂාවෙහි 150කට අධික ගණන් කිරීමේ විධි ප්‍රමාණයක් පවතී.


එසේ ගණන් කිරීමේ විධි විශාල ප්‍රමාණයක් තිබුනද සාමාන්‍යයෙන් භාෂාව හැසිරවීමට පොදුවේ භාවිතා වන මූලික විධි කිහිපයක් දැන සිටීමද බොහෝදුරට ප්‍රමාණවත් වේ.



 (ත්සු) විවිද දෑ සදහා.

1 සිට 9 තෙක් වචන වල අවසානයට 'ත්සු' එකතු වේ. 10 පමණක් වෙනස් වේ. ඉන්පසු සාමාන්‍ය ඉලක්කම් නම් වන පරිදි නම් වේ. මෙහි නම් වලට තරමක් වෙනස් වූ නම් ලැබී ඇත්තේ මෙම ගණන් කිරීමේ ක්‍රමය අතීතයේ සිටම භාවිතා වන ක්‍රමයක් නිසාවෙනි. මෙමගින් සියලු අප්‍රාණික දෑ ගණන් කිරීමට හැක.




(කො) කුඩා රවුම් දෑ ගණන් කිරීමට.


පළතුරු වර්ග, බිත්තර ආදිය ගණන් කිරීමට භාවිතා කරයි. 1, 6, 10, 100 වචන රටාවෙන් වෙනස් වී ඇති අතර එමගින් උච්චාරණය පහසු කර ඇත.




(නින්) මිනිසුන් ගණන් කිරීමට.


සරලව මෙහි ඉලක්කමකට පසුව 'නින්' යන්න එකතු වේ. නමුත් මෙහි ප්‍රථම හා දෙවන වචන වෙනස් වී ඇත්තේ, ඉහත සඳහන් කල පරිදිම අතීත ගණන් කිරීමේ ක්‍රමයන්ගේ බලපෑමෙනි. පුද්ගලයන් ගණන් කිරීමට භාවිතාවන්නේ මෙම ක්‍රමය පමණක් බැවින් වෙනත් ක්‍රමයන් භාවිතා කිරීම නිවැරදි නොවේ.




(හිකි) කුඩා සතුන් ගණන් කිරීමට.


බල්ලන්, පූසන් හා මාළුවන් ආදී සතුන් ගණන් කිරීමට පොදුවේ භාවිතා වේ.




(තෝ) විශාල සතුන් ගණන් කිරීමට.


අශ්වයන්, ගවයන් මෙන්ම අලින් ආදී සතුන්ද මෙමගින් ගණන් කිරීම සිදු කරයි.




(වා) කුරුල්ලන්, හාවන් ආදී සතුන් ගණන් කිරීමට


නිතැතින්ම කුරුල්ලන් ගණන් කිරීම මෙමගින් සිදු කරයි. නමුත් හාවුන් හා ගෙම්බන් වැනි සතුන් ගණන් කිරීමටද භාවිත කරයි. බොහෝවිට සංචරණය කරනු ලබන ආකාරයට අනුව හෝ සැහැල්ලු බව උපයෝගී කරගනිමින් මෙසේ වර්ග කල බව උපකල්පනය කල හැක.




(හොන්) දිගු, සිහින් සහ සිලින්ඩරාකාර දෑ ගණන් කිරීමට.


කණු, කෝටු, පැන්සල්, කොට, බෝතල් ආදිය ගණන් කිරීමට මෙම ක්‍රමය භාවිතා කරයි. එසේම රැහැන්, කම්බි, පීලි ආදියද මෙමගින් ගණනය කරයි.




(මයි) පැතැලි සිහින් දෑ ගණන් කිරීමට.


කඩදාසි, කාඩ්, පොරවනයන්, ඇතිරිලි හා සිහින් රෙදිපිලි ගණන් කරයි. තවද පෙතිපාන් හා මස් පෙති ගණන් කිරීමටද මෙම ක්‍රමය භාවිතා වේ.




(සත්සු) පොත් ගණන් කිරීමට.


පොත්පත්, සඟරා, සටහන් පොත් ආදිය මෙමගි ගණනය කරයි.




(දයි) වාහන හා යන්ත්‍ර සූත්‍ර ගණන් කිරීමට.


මෝටර් රථ, පා පැදි, විදුලි උපකරණ මෙන්ම උපකරණ හා ආයුධ ගණන් කිරීම මෙමගින් සිදුකරයි.





(කෙන්) නිවාස හා කුඩා ගොඩනගිලි ගණන් කිරීමට.


ඉතා විශාල නොවන ගොඩනැගිලි, නිවාස, හා කුඩා වෙළදසැල් ආදිය මෙම ක්‍රමය භාවිතා කර ගණන් කරයි.




(හයි) කෝප්ප හා බඳුන් ගණන් කිරීමට.


මෙම ගණන් කිරීමේ ක්‍රමය බොහෝවිට කෙනෙකු පානය කල කෝප්ප හෝ ආහාරයට ගත් කුඩා ආහර බඳුන් ප්‍රමාණය ප්‍රකාශ කිරීම වැනි අවස්ථාවන්හීදී භාවිතා කරයි.




(චකු) ඇඳුම් ගණන් කිරීමට.


ඇඳුම් කට්ටලයන්, ගවුම්, ජැකට් හා කෝට් ආදී තරමක් ඝනකමින් යුත් ඇඳුම් ගණන් කිරීමට භාවිතා කරන අතර තුනී යටඇඳුම් ආදිය ගණන් කිරීමට 'මයි' භාවිතා කරයි.




(සොකු) පාවහන් යුගල ගණන් කිරීමට.


සපත්තු, මේස්,  ආදිය මෙමගින් ගණනය කරයි. මෙහිදී යුගල වශයෙන් ගණන් ගැනෙන අතර එක් යුගලක් නම් 'ඉස්සොකු' ලෙස ගණන් කරයි.




(කයි / දො ) වාර ගණන් කිරීමට.

කාලයත් සමග නැවත නැවතත් වන් දෑ ගණන් කිරීමට භාවිතා කරයි. මෙහි දෙ ආකාරයම නිතරම පාහේ භාවිතා වේ. 






(බන්) අනුපිලිවෙලක පිහිටීම හෝ තැන ප්‍රකාශ කිරීමට.


යම් අනුක්‍රමයක ස්ථානයක් හෝ පිහිටීමක් දැක්වීමට 'බන්' ඉලක්කම් සමග භාවිතා කරයි. තරඟයක හෝ විව්ධ ස්ථාන ඇති අවස්ථාවල ඒවා දැක්වීමට හා ගණන් කිරීමට යොදයි. (ප්‍රථම අයිතමය, තෙවන ස්ථානය... ආදී ලෙස)




(කයි) ගොඩනැගිල්ලක මහල් ගණන් කිරීමට.


ගොඩනැගිල්ලක මහල් ගණන් කිරීමට 'කයි' භාවිතා කරයි. ඉහතදී වාර ගණන් කිරීමටද 'කයි' භාවිතා කලමුත් මෙහිදී එම අර්ථය ප්‍රකාශ නොවේ. එමෙන්ම මෙම උච්චාරණය එක සේ වුවද වෙනස් කන්ජි අක්ෂර භාවිතා වන බැවින් හා මෙම ගණන් කිරීමේ ක්‍රම දෙක එක්විට භාවිතා නොවන බැවින් ගැටලු සහගත නොවේ. බිම් මට්ටමට පහලින් ඇති මහල් ගණන් කිරීමේදී 'චිකා' ඉලක්කම් වලට ප්‍රථම එම වචනවල මුලට යෙදීම සිදුකරයි.




(සායි) වයස ගණන් කිරීමට.


වයස ගණන් කිරීමට හා ප්‍රකාශ කිරීමට භාවිත වන්නේ 'සායි' වේ. වයස ප්‍රකාශ කිරීමේදී අවු: 20 සඳහා විශේෂ වචනයක් භාවිතා කරයි. එය 'හතචි' නම් වේ. එසේම වයස ප්‍රකාශ කිරීම 'ත්සු' භාවිතා කර ද සිදු කල හැකිමුත් වඩා නිවැරදි වන්නේ 'සායි' භාවිතා කිරීමයි. 




(යෙන්) යෙන් ගණන් කිරීමට.

සෑම භාෂාවකම හා සෑම මුදල් ඒකකයක්ම එම ඒකකයේ නමින් ගණන් කිරීම සිදු කරයි. එසේම ජපානයේ මුදල් ඒකකය ලෙස 'යෙන්' වලින් මුදල් ගණන් කිරීම පහත පරිදි වේ.




කාලය සම්බන්ධ ගණන් කිරීම්.

තත්පර හා මිනිත්තු ගණන් කිරීමට නියමිත වූ ක්‍රමයක් නැත. නමුත් හෝරා ගණන් කිරීමට 'ජිකන්' 時間 (じかん) යොදයි.

දින ගණන් කිරීමේදී, ප්‍රථම දින හැරුණු විට ඉතිරි දින නම් වලට පසු 'කන්' යන වචනය එකතු කරයි.

සති ගණන් කිරීමේදී, ප්‍රථම සතිය 'ඉෂ්ෂූකන්' ලෙසද ඉතිරි සති සඳහා එම ඉලක්කම අවසන 'කන්' යන වචනය එකතු වේ. නමුත්, 8 'හෂ්ෂූකන්' හා 10 'ජුෂ්ෂූකන්' ලෙස වෙනස් වේ.

වර්ෂ ගණන් කිරීමේදීද ඉහත පරිදිම එම ඉලක්කම අවසන 'කන්' යන වචනය එකතු වේ.

මාස ගණන් කිරීමේදී පහත පරිදි වේ.




ඉහත සඳහන් කර ඇති ගණන් කිරීමේ ක්‍රම වලට අමතරව බොහෝ ගණන් කිරීමේ ක්‍රම ජපන් භාෂාවේ ඇතිමුත් එයින්ද වැඩි ප්‍රමාණයක් ඉගෙනීම තරමක් අපහසු කටයුත්තකි. නමුත් භාෂාව භාවිතා කිරීමේදී එවැනි ක්‍රමයන් දැන සිටීම ඉතා වැදගත් වේ.


මූලාශ්‍ර :
https://www.learn-japanese-adventure.com/japanese-numbers-counters.html
http://www.guidetojapanese.org/learn/grammar/numbers






4 comments: