Popular Posts

දින, මාස සහ සතියේ දවස්



භාෂාවක් ඉගෙනීමේදී දින්, සති හා මාසයන් පිලිබඳ දැනීම ඉතා ප්‍රයෝජනවත් සේ සැලකිය හැක. තමන් කල කාර්යයන්, උපන්දිනය ප්‍රකාශ කිරීමට හෝ කිරීමට බලාපොරොත්තුවන හා ඉදිරියේ ඇති අවස්ථා සදහා දින වෙන් කර ගැනීම ආදී සිදුවීම් සඳහා භාවිතා කල වේ. එසේම විවිධ ලිපිගොනු වල දින, මාස ආදිය සටහන් කිරීමට හා කියැවීමටද මෙම දැනුම අත්‍යාවශ්‍ය වේ.

සතියේ දින

ජපන් බසින් සතියේ දින මතක තබා ගැනීම තරමක් පහසු කටයුත්තකි.



සෑම සතියේ දිනයක්ම 曜日 (යෝබි) යන වචනයෙන් අවසන් වන අතර එහි අරුත 'සතියේ දින' යන්නයි. සතියේ දවස් වෙනස් වන්නේ ප්‍රථම රූපාක්ෂරයෙන් පමණි.

月  (ගෙත්සු) යනු චන්ද්‍රයා වේ. එනම් සඳුදා චන්ද්‍රයාගේ දවසයි.
  (කා) යනු ගින්දරයි. 火星  (කාසෙයි ) යනු අඟහරු ග්‍රහයා වේ. 
水  (සුයි) යනු ජලයයි. 水星  (සුයිසෙයි ) යනු බුද ග්‍රහයා වේ.
木  (මොකු) යනු වෘක්ෂ වේ. 木星  (මොකුසෙයි ) නමින් බ්‍රහස්පති ග්‍රහයා හඳුන්වයි.
  (කින්) යනු රන් වේ. 金星  (කින්සෙයි ) නම් සිකුරු ග්‍රහයා වේ.
  (දො) යනු භූමිය වේ. 土星  (දොසෙයි ) යනු සෙනසුරු ග්‍රහයා හඳුන්වන නාමයයි.
  (නිචි) යනු හිරු වේ. ඉරිදා හිරුගේ දවසයි.

ඉහත පරිදි සලකා බලන විට වෙනසක් නැත. සිංහල, ඉංග්‍රීසි භාෂාවන්ගේ මෙන්ම ජපන් භාෂාවෙහි ද සතියේ දවස් නම් කිරීමේදී ග්‍රහමණ්ඩලය උපයෝගී කොට නම් කර ඇත. ජපානයේ මෙම සතියේ දවස් නිරූපනය කිරීමේදී බොහෝවිට එම වචනවල මුල් රූපාක්ෂරය පමණක් දැකගත හැක. උදාහරණ ලෙස පුවත්පත් හෝ වෙළඳසැල් වල ගනුදෙනු කරනා වේලාවන් නිතරම භාවිතා වන්නේ (月), (火), (水), (木), (金), (土) සහ (日) ලෙසිනි.

මතක තබාගැනීමේ පහසුවට...  නිචි-ගෙත්සු-කා-සුයි-මොකු-කින්-දො

මාස


ජපන් භාෂාවේ මාසයන් අධ්‍යනයද ඉතා පහසු වේ. සිංහල භාෂාවේ හෝ ඉංග්‍රීසි භාෂාවේ පරිදි මාසයෙන් මාසයට වෙන් වූ විශේෂ වූ වචන නොමැති අතර ඉලක්කම් මගින් පිළිවෙලින් මාස නම් කරයි. මෙහි අවුරුද්දේ මාසයන් හැඳින්වීමට භාවිතා කරන කන්ජි අක්ෂරය  (ගත්සු-ගෙත්සු නොවේ) ලෙස උච්චාරණය කරයි. මාස නම් කිරීමේදී ඉහත කන්ජි අක්ෂරයට ප්‍රථම 1 සිට 12 තෙක්, ජනවාරි සිට දෙසැම්බර් ලෙස ඉලක්කම් යෙදීම සිදු කරයි.


අප්‍රේල්, ජූලි සහ සැප්තැම්බර් මාස ප්‍රකාශ කිරීමේදී තරමක් සැලකිලිමත් විය යුතු වේ. එනම්, සාමාන්‍යයෙන් 'යොන්' (4), 'නනා' (7) සහ 'ක්යූ' (9) ජපන් ඉලක්කම් වල භාවිතා වුවද මෙහි එම නම් වෙනුවට 'ෂි' (4), ෂිචි (7) සහ 'කු' (9) මාස ප්‍රකාශ කිරීමේදී භාවිතා වන හෙයිනි. බොහෝ විදේශිකයන් මෙම මාස ප්‍රකාශ කිරීමේදී ඉහත අත්වැරදි සිදුකරයි.

මාසයේ දින


මාසයේ දිනයන් ජපන් බසින් ප්‍රකාශ කිරීමේදී හොඳින් මතකයේ තබාගතයුතු වන වචනයන් සමූහයක් පවතී. මූලිකව 1 හි සිට 10 තෙක් විශේෂ කියැවීමක් ඇති අතර 4 වැනි දින හා 8 වැනි දින දෙකෙහි වෙනස පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ. 4 වැනි දින කියැවීම よっか (යොක්කා), එනම් සොකුඔන් භාවිතයෙන් කියවීම වන අතර 8 වැනි දින ようか (යෝකා) චෝඔන් (දීර්ඝ ස්වර ) භාවිතයෙන් වේ.



තවද, 20 වන දින විශේෂ කියැවීමක් වන අතර එය (හත්සුකා) වේ. අවසන් ඉලක්කම 4 යෙදෙන 14 වන හා 24 වන දිනයන් පිලිවෙලින් (ජූයොක්කා) සහ (නිජූයොක්කා) විශේෂයෙන් මතක තබාගත යුතු වේ. අනෙක් දිනයන් සඳහා දිනයේ ඉලක්කමට පසු  (නිචි) එකතු කිරීමෙන් කියැවීම සිදු කරයි.

පෙබරවාරි 11 වන දින ජපානයේ ජාතික දිනයයි.

එදිනෙදා භාවිතා වන වෙනත් යෙදීම්


ඉහත සඳහන් වූ දිනයන්ට අමතරව ඊයේ, අද, හෙට, ගිය අවුරුද්ද, මේ අවුරුද්ද, ඊළඟ අවුරුද්ද... ආදී වචන භාෂාව භාවිතයේදී ප්‍රකාශ කිරිමට සිදුවේ. එමගින් වෙනස් කාල පරිච්ඡේද දින, සති හෝ මාස ආදිය සඳහන් නොකර පහසුවෙන් නිරූපනය කල හැක.

පොදුවේ නිතරම භාවිතා වන වචනයන් ඉහත සඳහන් වන අතර එහි ඇතැම් වචනයන්ට කියැවීම් යුගලයක් ඇත. එවිට ප්‍රථම කියැවීම පොදු ව්‍යවහාරය සහ දෙවන කියැවීම එහි ආචාරශීලී ප්‍රකාශ කිරීම වේ.


මූලාශ්‍ර
https://www.learn-japanese-adventure.com/japanese-numbers-day-month-week.html






5 comments: