Popular Posts

ඉලක්කම්


ජපන් ඉලක්කම් ක්‍රමය අප පොදුවේ භාවිතා කරන SI ක්‍රමයට තරමක් වෙනස් වේ. එනම් ඉලක්කම් තුනින් තුනට ඒකක ලෙස අප ගණන් කලද ජපානයේ ගණන් කිරීම් වෙන් වන්නේ ඉලක්කම් තතරින් හතරට වේ. උදාහරණයක් ලෙස 10,000,000 ජපන් ජාතිකයින් 1000,0000 ලෙස වෙන් කරනු ලබයි. නමුත් වර්තමානය වනවිට බටහිර ලෝකයේ බලපෑම හා ඉලක්කම් ප්‍රමිතිකරණය හේතුවෙන් සංකේතාංක තුනේ ක්‍රමය භාවිතා කිරීම දැකිය හැක.



මූලික ඉලක්කම්




ප්‍රථම ඉලක්කම් දහය හත දැක් වේ. ඉහත සටහනට අනුව හතර よん හෝ  විය හැක එසේම හත なな හෝ しち විය හැක. දෙආකාරයම නිවැරදි වන මුත් 4 හා 7 හි කියැවීම් බොහෝ විට よん හා なな වේ.

මෙම ඉලක්කම් දහය භාවිතා කර 1 හි සිට 99 තෙක් ගණනය කිරීම් කල හැකි අතර එය සිංහල භාෂාවේ මෙන් තරම් හෝ අපහසු නොවේ. මන්දයත් ඉලක්කම් සදහා වෙනස් වූ නම් මතක තබා ගැනීම අනවශ්‍ය හෙයිනි. උදාහරණ ලෙස විස්ස, තිහ හා පනහ... ආදිය ගණන් ගැනෙන්නේ දෙක-දහය, තුන-දහය හා පහ-දහය ලෙස බැවිනි.   


三十一 (さんじゅういち)   = 31              සන්ජූ-ඉචි    

五十四 (ごじゅうよん)      = 54            ගොජූ-යොන්

七十七 (ななじゅうなな)   = 77            නනාජූ-නනා

二十     (にじゅう)             = 20                  නිජූ


පහසුවෙන් කියවා තෙරුම් ගැනීම හිරගන භාවිතයෙන් තරමක් අපහසු බැවින් සැමවිටම කන්ජි හෝ සංඛ්‍යාංක භාවිතයෙන් ඉලක්කම් නිරූපනය කරයි.






99 ට පසු ඉලක්කම්


100
1,000
10,000
100,000,000
10,000,000,000,000
ひゃく
せん
まん
おく
ちょう
හ්යකු   
සෙන්
මන්
ඔකු
චෝ
ඉහත සටහනෙහි පරිදි, මන් (万) සිට ඔකු ( )දක්වා විශාල පරතරයක් පහැදිලිව දැකගත හැක. එසේ වන්නේ සංඛ්‍යාංක හතරෙහි ක්‍රමයට ජපන් ගණනය කිරීම් සිදුවන බැවිනි. 9,999 ට පසු පමණක් 1 ලෙස නිරූපණය කල හැක. සියය හා දහස ජපන් බසින් පැවසිය හැකි නමුත් දසදහසින් පසු සංඛ්‍යාංක හතරෙහි ක්‍රමයට ඉලක්කම් ප්‍රකාශ කිරීම තරමක් අපහසුවකි.

四万三千七十六  
(よんまんさんぜんななじゅうろく)

43,076     යොන්මන්-සන්ද්සෙන්-නනාජූ-රොකු



七億六百二十四万九千二百二十二   
(ななおくろっぴゃくにじゅうよんまんきゅうせんにひゃくにじゅうに) 

706,249,222     නනාඔකු-රොප්ප්යකු-නිජූයොන්මන්-ක්යූසෙන්-නිහ්යකු-නිජූ-නි

අගය 1 ට අඩු ඉලක්කම්




        零                れい     රෙයි           –    බිංදුව

                              ゼロ     ද්සෙරො    –    බිංදුව

                              マル     මරු            –    වෘත්තය/බිංදුව

        点                 てん     තෙන්         –    ආවර්තය; දශම

                     マイナス     මයිනසු       –    ඍණ 




බින්දුව ජපන් බසින් 零 - れい වන මුත්, එය බොහෝවිට ゼロ හෝ マル මගින් නූතන ජපන් භාෂාවේ ප්‍රකාශ කරයි. දශම සංඛ්‍යා ප්‍රකාශ කිරීමට විශේෂ ක්‍රමවේදයක් නොමැති අතර 点 - てん  දශම තිත වෙනුවට ප්‍රකාශ වේ.


2.3215 =  二、点、三、二、一、五
නි-තෙන්-සන්-නි-ඉචි-ගො


ඍණ ඉලක්කම් ප්‍රකාශ කිරීමේදී ධන ඉලක්කම් සේම ප්‍රකාශ කල හැකි අතර මුලින් マイナス  යන වචනයෙන් එය ඍණ ඉලක්කමක් බව ප්‍රකාශ වේ.

- 251    =     マイナス 二五一       මයිනසු, නිහ්යකු-ගොජූ-ඉචි


මූලාශ්‍ර
http://www.guidetojapanese.org/learn/complete/numeric_system





No comments:

Post a Comment