Popular Posts

විශේෂණ පද (N5/N4)



සරලව සහ සෘජුවම නාමපද හා ක්‍රියාපද විස්තර කිරීමට විශේෂණ පද භාවිතා කරයි. ජපන් භාෂාවෙහි මෙසේ විශේෂණපද මූලිකව වර්ග දෙකකට බෙදා වෙන්කරනු ලබයි. ඒවා [な] විශේෂණපද හා [い] විශේෂණපද ලෙස හඳුනාගත හැක.

[な] විශේෂණපද

静か 【しず・か】- නිදහස්, නිස්කලංක
         【きれい】- ලස්සන, අලංකාර, පිරිසිදු
親切 【しん・せつ】- කරුණාවන්ත
好き 【す・き】- කැමති, ප්‍රිය

[な] විශේෂණ පද ඉගෙනීම ඉතා පහසු කටයුක්තකි. මන්දයත් ඒවා නාමපද ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බැවිනි. සියලු වරනැගීමේ නියමයන් නාමපද හා [な] විශේෂණ පද වල එක හා සමාන වේ. නමුත් ප්‍රධාන වෙනස වන්නේ, නාමපදයක් ඉදිරියෙන් එය විස්තර වන [な] විශේෂණ පදයක් යෙදෙනවිට ඒ අතරට [な] අක්ෂරය එකතු වීමයි.

静か人です。
しずかな ひとです。
නිෂ්ශබ්ද පුද්ගලයෙක්.

きれい人 です。
きれいな ひと です。
ලස්සන පුද්ගලයෙක්.

ජපන් භාෂාවේ යෙදෙන නිපාතයන්ද [な] විශේෂණ පද සමග නාමපදවලදී මෙන්ම භාවිතා කලහැක.

友達は親切 です。
ともだちはしんせつ です。
මිතුරා කාරුණිකයි.

友達は親切な人です です。
ともだちは しんせつな ひと です。
මිතුරා කාරුණික පුද්ගලයෙක්.

පහත දැක්වෙන පරිදි, [な] විශේෂණ පද, නාමපද සේම වරනැගීම සිදුවේ.

ボブは魚が好き です。
ボブ さかな が すきです 。
බොබ් මාළුවන්ට කැමතියි.

ボブは魚が好きではありません。
ボブ さかな が すき ではありません。
බොබ් මාළුවන්ට කැමති නෑ.

ボブは魚が好きでした。
ボブ さかな が すき でした。
බොබ් මාළුවන්ට කැමතිව සිටියා.

ボブは魚が好きじゃなかった/ではありませんでした。
ボブ さかな が すき じゃなかった/ではありませんでした。
බොබ් මාළුවන්ට කැමතිව සිටියේ නෑ.

ඉහත පරිදිම නාමපදයක් විස්තර කිරීමටද [な] විශේෂණ පද භාවිතා කල හැක. ( මෙහිදී විශේෂණ පදය හා නාමපදය අතරට [な] යෙදීම අනිවාර්ය වේ. )

魚が好きな人 です。
さかなが すきな ひと です。
මාළුන්ට කැමති පුද්ගලයා.

魚が好きじゃない人 です。
さかなが すきじゃない ひと です。
මාළුන්ට කැමති නැති පුද්ගලයා.

魚が好きだった人 です。
さかなが すきだった ひと です。
මාළුන්ට කැමතිව සිටි පුද්ගලයා.

魚が好きじゃなかった人 です。
さかなが すきじゃなかった ひと です。
මාළුන්ට කැමතිව නොසිටි පුද්ගලයා.

මෙහි, සම්පූර්ණ වාක්‍ය ඛණ්ඩ 「魚が好き」、「魚が好きじゃない」... ආදියෙන් පුද්ගලයාගේ මාළු පිලිබඳ ඇති කැමති අකමැති බව සාකච්ඡා කෙරේ. ඉහත පරිදි එම අදහස 「人は魚が好きだ」  ලෙසද ප්‍රකාශ කිරීමට හැක. එහි අරුත "පුද්ගලයා/පුද්ගලයින් මළුවන්ට කැමතියි." යන්නයි. නමුත් එවිට එහි මාතෘකා වන්නේ 'පුද්ගලයා/පුද්ගලයින්' වේ. සෘජුවම කැමති/ අකමැති දෙය පිලිබඳ විස්තර කිරීම එමගින් සිදු නොවේ.

ඉහත පරිදි විස්තර වන නාමපද සහිත වාක්‍ය ඛණ්ඩයක්ම මාතෘකා කොට පහත පරිදිද ප්‍රකාශ කල හැක.

魚が好きじゃない人は、肉が好きです。
さかなが すき じゃない ひとは、 にくが すきです。
මාළුවන්ට අකමැති පුද්ගලයා මස් වලට කැමතියි.

魚が好きな人は、野菜も好きです。
さかなが すき ひとは、やさいも すきです。
මාළුවන්ට කැමති පුද්ගලයා එළවලු වලටත් කැමතියි.



[い] විශේෂණ පද

          【おいしい】- රසවත්
高い  【たか・い】- ඉහළ, උස, මිල අධික
          【いい】- හොඳ
悪い  【わるい】 - නරක
煩い  【うるさい】- ඝෝෂාකාරී

සියලු [い] විශේෂණ පද සැමවිටම අවසන් වන්නේ හිරගන [い] අක්ෂරයෙනි. නමුත් ඇතැම් [な] විශේෂණ පද කිහිපයකද අවසන හිරගන [い] අක්ෂරයෙන් අවසන් වන් බව මතක තබාගතයුතු වේ.「きれい(な)」. එවැනි [な] විශේෂණ පද ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. එසේම බොහෝවිට ඒවායේ [い] ශබ්දය ඇතුලත් කන්ජි අක්ෂරක්ද දැකිය හැකි අතර එසේ නොවන 「きれい」,「嫌い」 ආදී විශේෂණ පද ඉතාම සුළු ප්‍රමාණයක් හඳුනාගත හැක. 「きれい」හි ද, නිතර භාවිතා නොවන 「綺麗」හෝ 「奇麗」 ලෙස කන්ජි ලිවීම් පවතින අතර  「嫌い」හි එම විශේෂණ පදයද ව්‍යුත්පන්න වී ඇත්තේ 「嫌う」 නම් ක්‍රියා පදයෙනි.

[な] විශේෂණ පද වල මෙන් නොව [い] විශේෂණ පද, නාමපදයක් ඉදිරියෙන් යෙදෙන විට [な] වැනි අක්ෂරයක් එකතු නොකරයි.

嫌いな食べ物 です。
きらいな たべもの です。
අකමැති ආහාර.                      [な-adj.]

おいしい食べ物 です。
おいしい たべもの です。
රසවත් ආහාර.

නාමපද හා [な] විශේෂණ පද සදහා නැත යන අර්ථය [〜ではない / 〜ではありません] ලෙස ප්‍රකාශ වේ. එවිට එහි අවසන [だ] හෝ [です] එකතු නොකරයි. එලෙසම [い] විශේෂණ පද සරල ස්වරූපයෙන් අනතීත ඇතයන අර්ථය ප්‍රකාශ වන කිසිම විටෙක අවසන සෘජුවම [だ] එකතු නොකරයි. නමුත් [な] විශේෂණ පද සලකනවිට ඉහත අවස්ථාව සදහාම අවසන [だ] යෙදීම හෝ නොයෙදීම පොදුවේ දැකිය හැක.

     美味しい
おいしい です。        [おいしい だ。]x

     古い
ふるい です。         [ふるい だ。]x

     明るい
あかるい です。         [あかるい だ。]x


美味しい 食べ物 です。
おいしい  たべもの です。
රසවත් ආහාරයක්.

美味しくない 食べ物 です。
おいしくない たべもの物 です。
රසවත් නොවන ආහාරයක්.

美味しかった 食べ物 です。
おいしかった たべもの です。
රසවත් ආහාරයක් වුනා.

美味しくなかった 食べ物 です。
おいしくなかった たべもの です。
රසවත් නොවන ආහාරයක් වුනා.

නාමපදයකට පෙර යෙදෙන [い] විශේෂණ පද ද, [な] විශේෂණ පද ලෙසින්ම ඉහත පරිදි වාක්‍යයට එකතු කල හැකි අතර වෙනස වන්නේ [な] අක්ෂරය වැනි වෙනත් කිසිම අමතර අක්ෂරයක් එකතු නොවීමයි.

値段が高いレストランはあまり好きじゃない。
ねだんが たかい レストランは あまり すきでわ ありません。
මිල ගණන් වැඩි රෙස්ටුරන්ට්වලට එතරම් කැමති නැහැ.

ඉහත වාක්‍යයේ ද, 「値段が高い」 මගින් 「レストラン」 සෘජුවම විස්තරකර දක්වයි.



ඉහත [な] විශේෂණ පද හා [い] විශේෂණ පද යන දෙවරගයටම පැහැදිලිව වෙන් කිරීමට අපහසු විශේෂණ පද කිහිපයක්ද දැකගත හැක. ඒවායේ පහතපරිදි වෙනස්වීම් සිදුවේ.

いい


かっこいい


ඉහත විශේෂණ පද දෙකම [い] විශේෂණ පද ලෙස භාවිතයෙදී සලකන අතර 「かっこいい」 යන්න 「格好 - かっこ」 හා 「いい」 හි එකතුවෙන් ව්‍යුත්පන්න වූවකි.


තවදුරටත්...

විශේෂණ පදවල විවිධ ස්වරූපයන් දැන සිටීමද භාෂාව භාවිතයේදී ඉතා ප්‍රයෝජනවත් වේ. 

විශේෂණ පදවල මූලිකව නිතරම භාවිතා ස්වරූප පහත වේ.




මූලාශ්‍ර:
http://www.guidetojapanese.org/learn/grammar/adjectives
https://en.wikibooks.org/wiki/Japanese/Grammar/Adjectives







1 comment:

  1. みれば වල තේරුම කියලා දෙන්න

    ReplyDelete